Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මුතුරාජවෙලට අබිලි ද්‍රව්‍ය බැහැර කරන ටිපර් රථ ඇතුල් කිරීම වහාම තහනම් කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර තිබේ.

මුතුරාජවෙල තෙත් බිමේ නීතිවිරෝධී ගොඩකිරීම් සිදු කරනු ලබන්නේ බැහැරින් ගෙන එනු ලබන  කොන්ක්‍රීට් කැබලි, පරණ ටයර්, නිවාස කඩා ඉවත් කරන ද්‍රව්‍ය කුළියට බැහැර කරන ටිපර් රථ මගින් බව සනාථ වී තිබේ.

පසුගියදා අමාත්‍යවරයා මුතුරාජවෙල නිරික්ෂණ චාරිකාවේ දී එම තෙත් බිමට බැහැර කිරීමට ගෙන ආ ටිපර් රථ ගණනාවක් අසලට ගොස් රියදුරන්ගෙන් කරුනු විමසීය. ඔවුන් කියා සිටියේ තමන් වසර ගණනාවක් සිට මෙවැනි අබිලිද්‍රව්‍ය බැහැර කරන්නේ මුතුරාජවෙලට බවයි.

එම ටිපර් රථ වහාම අත්අඩංගුවට ගෙන නඩු පවරන්නයි අමාත්‍යවරයා බෝපිටිය පොලිසියේඉහළ  නිලධාරියෙකුට එම අවස්ථාවේ දීම දැනුම් දුන් නමුත් ඔහු ඒ සඳහා පියවර නොගත් බව තමන්ට පසුව ආරංචි වු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අද දින මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රගතිය සම්බන්ධව සමාලෝචන රැස්වීමක් පැවැති අතර එහිදී අමාත්‍යවරයා කියා සිටියේ විවිධ පාර්ශ්ව මේ තරම් දැවැන්ත  විනාශයක්  මුතුරාජවෙළට මෙන්ම අනෙකුත් ප්‍රදේශවල සිදුවෙත්දී දිස්ත්‍රික් පරිසර අධ්‍යක්ෂවරු ගත් ක්‍රියාමාර්ග කුමක් ද කියායි.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ  වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ මුතුරාජවෙලට ඇතුල් වෙන අබිලි ද්‍රව්‍ය රැගත් ටිපර් රථ අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළ යුතු බවයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මුතුරාජවෙළ තෙත් කළාපයට ඇතුල් වී අබිලි ද්‍රව්‍ය සහිත ටිපර් රථ වහාම තහනම් කරන ලෙසත් නියෝග නොතකා ඒ අන්දමිට ටිපර් රථ තවදුරටත් මුතුරාජවෙලට ඇතුල් කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය අනුව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින්ට නියෝග දුන්නේය.

මුතුරාජවෙළ ගොඩකිරීම් පසුපස ඇතැම් රාජ්‍ය නිලධාරින් සිටින බව තමන් හොඳින්ම දන්නා බව කී අමාත්‍යවරයා තමන්ගේ රාජකාරිය දැන්වත් හරියට සිදු නොකරන නිලධාරින් සම්බන්ධව කඩිනමින් තීරණයක් ගන්නා බවත් මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම එහි පරිසරයට හානි කරවන අයුරින් ක්‍රියාත්මක ව්‍යාපෘති තුනක් සම්බන්ධව තමන් හඳුනාගත් බවත්, එම ව්‍යාපෘති තුන තහනම් කිරීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.